WHO Mano.lk

ඔබට පෙර සිට පැවතෙන රෝගී තත්ත්ව තිබේ නම් ඔබේ නිරෝධායන මල්ලේ තිබිය යුත්තේ මොනවාද?

ඔබ පෙර සිට පැවතෙන රෝගී තත්ත්ව ඇති කෙනෙක් නම් ඔබ නිරෝධායන මධ්‍යස්ථානයකට / රෝහලකට යාම ඔබට වගේම ඔබේ පවුලේ අයට පීඩාකාරී වෙන්න පුළුවන්. ඒ වගේ රෝගී තත්ත්ව ගැන නිරෝධායන මධ්‍යස්ථානයේ අභ්‍යන්තර වෛද්‍යවරයා දැනුවත් කිරීම වැදගත් වන අතර වෛද්‍ය වාර්තා, බෙහෙත් වට්ටෝරු , නිරෝධායනය වීමට නියමිත කාල සීමාවට අවශ්‍ය වන තරමට බෙහෙත් සහ අනෙකුත් අවශ්‍ය දේවල් රැගෙන යාම වැදගත් වේ. මෙලස කිරීමෙන් අපට වැඩි සූදානමකින් නිරෝධායනයට යන්නට පුළුවන් වන අතර අවශ්‍ය වෛද්‍ය සහය ලබාගැනීමට හැකිවේ.

ඔබට පෙර සිට පැවතෙන රෝගී තත්ත්ව තිබේ නම් ඔබේ නිරෝධායන මල්ලේ තිබිය යුත්තේ මොනවාද?

1. සායනික (ක්ලිනික්) පොත් / වෛද්‍ය වාර්තා

2. හදිසි රෝගී තත්වයකට පැරසිටමෝල්

3. බෙහෙත් වට්ටෝරු

4. ඔබේ අවශ්‍යතා අනුව වෛද්‍ය ආධාර: උදා: ඉන්හේලර්, දණහිස් ආරක්ෂක පලඳනා (නී ගාර්ඩ්ස්)

5. ඔබ දිගු කාලීනව ලබාගන්න බෙහෙත්, ඔබ නිරෝධායනය වීමට නියමිත දින ගණනට දින කීපයකට වැඩිපුර අරගන්න

6. අසාත්මිකතා ඇත්නම් ඒවාට අවශ්‍ය බෙහෙත්

ප්‍රකාශිත භාෂාවන්

ප්‍රකාශිත දිනය

ප්‍රභවයේ වර්ගය

තොරතුරු වර්ගය

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

Skip to content