WHO Mano.lk

Mano.LK පිළිබඳ දැන ගන්න

Mano.lk යනු කුමක්ද?

Mano.LK යනු ශ්‍රී ලංකවේ පුද්ගලයන් හා ප්‍රජාවන්ට විශ්වාසනීය, ප්‍රයෝගික හා අර්ථාන්විත සම්පත් බෙදා ගැනීමේ ඩිජිටල් අවකාශයකි. මෙහි අරමුණ වන්නේ මහජනතාවට එම මුලාශ්‍ර වෙත ඇති ප්‍රවේශය සහ දැනුම වැඩි කර, ඔවුන්ට තමන්ටත්, ඔවුන්ගේ පවුල්වල අයටත්, ප්‍රජාවේ යහපැවත්මටත් ගත හැකි ක්‍රියා මර්ග පිළිබඳ විශ්වාසය වැඩි දියුණු කිරීමයි.

Mano.LK වෙබ් අඩවිය හරහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා අන්තර්ගතයන් සුරක්ෂිතාගාරගත කෙරේ. විශ්වාසනීය බව තහවුරු කරන ලද මුලාශ්‍රවලින් ලබාගන්නා මෙම අන්තර්ගතයන් මානසික සෞඛ්‍ය සහ මනෝසමාජයිය වෘත්තිකයන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කරණු ලබන්නේ, අදාළ වෙනත් ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේද මාර්ගෝපදේශනය ඇතුවයි. ඊට සමගාමීව ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් සහ මුහුණුපොත යනාදිය ඔස්සේද මේවා බෙදාහැරේ. වැඩි තොරතුරු සඳහා කරුණාකර මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද බලන්න.

මනෝ පවුල හමුවන්න!

නෝ පවුල යනු පුද්ගලයින්ට සහ ප්‍රජාවන්ට එදිනෙදා ජීවිතයට සහ අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය ප්‍රායෝගික සහ විශ්වාසනීය තොරතුරු සහ මූලාශ්‍ර වෙත ප්‍රවේශ වීමට උදවු කරන චරිත සමූහයකි. මේ තුළින් ඔවුන් අපේ පවුල, අපේ ප්‍රජාව සහ අපේම යහපැවැත්ම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු වලට අපගේ ප්‍රවේශය සහ ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳ විශ්වාසය හා දැනුම වැඩි කිරීමට අරමුණු කරයි.

 

මනෝ මචං

මනෝ මචං තමයි අපට නවයොවුන් වියේ පසුවන්නන් හා ළමයින් සම්බන්ධව මතුවන ගැටළු තේරුම් ගැනීමට උදව් වන්නේ.

පුස්තකාල මනෝ

පුස්තකාල මනෝ තමයි අපට මුලික තොරතුරු සම්බන්ධයෙන් මගපෙන්වන්නා. Mano.LK වෙබ් අඩවියේ අපි හොයන අන්තර්ගතයන් සහ මෙවලම් හොයාගන්න අපට උදවු වෙන්නේ ඇයයි.

දොස්තර මනෝ

දොස්තර මනෝගේ භූමිකාව වන්නේ වෘත්තික මැදිහත්වීම අවශ්‍යවිය හැකි ගැටළු ඇතුළුව තරමක් බරපතල ස්වභාවයක් ගන්නා ගැටළු වළක්වාගන්නා හැටිත්, ඒවාට මුහුණදෙන හැටිත් ගැන අපට පෙන්වීමයි.

මනෝ අම්මා

මනෝ අම්මා මිනිස් සම්බන්ධතා, පවුල සහ ප්‍රජා ජීවිතය ගැන ඇයගේ ඥානය හා දැනුම් සම්භාරය අපි සමඟ බෙදාගන්නට මගබලා සිටී.

Mano.LK හි අන්තර්ගතය තෝරාගන්නේ කොහොමද?

Mano.LK වෙබ් අඩවියේ ප්‍රකාශ වන්නේ විශ්වාසනීය ආයතන හා මුලාශ්‍ර ගණනාවක් විසින් බෙදාහැරෙන, මහජන පරිශීලනය සඳහා විවෘත අන්තර්ගතයන්ය. මෙම අන්තර්ගතයන් Mano.LK ට අයත් නොවන අතර, Mano.LK විසින් සිදුකරන්නේ අදාළ අන්තර්ගතයන් හඳුනාගැනීම, තෝරාගැනීම, පරික්ෂා කිරීම හා ප්‍රදර්ශනය යන ක්‍රියාවලියයි.

අයිතිය අත් හැරීමේ ප්‍රකාශය (වියාචනය)

Mano.LK අන්තර්ගතය සම්බන්ධයෙන් හුදෙක් සුරක්ෂිතාගාරගත කිරීමේ හා බෙදාහැරීමේ භූමිකාවන් පමණක් දරන අතර, වෙබ් අඩවියේ හා සමාජ මාධ්‍ය පිටුවල පළ කෙරෙන, තෙවැනි පාර්ශව අන්තර්ගතයන් සම්බන්ධයෙන් හිමිකාරිත්වය හෝ අයිතීන් ප්‍රකාශ නොකරයි. Mano.LK හරහා පළ කෙරෙන අන්තර්ගතයන් එහි නිවැරදි බව, අදාළත්වය හා විශ්වාසනීයත්වය මත වරණය කෙරෙනුයේ එම තොරතුරු බෙදාහැරීම සඳහා පමණක් වන අතර එම අන්තර්ගතය සපයන සංවිධානය හෝ පුද්ගලයා Mano.LK විසින් අනුමත කෙරෙන බව ඉන් අදහස් නොකෙරේ. සියලුම අන්තර්ගත නිර්මාණකරුවන් හා අන්තර්ගත හවුල්කරුවන්ගේ පිළිගැනීමට හේතු සාධක වන කරුණු සහ ඉතිහාසයන් විමසා පරීක්ෂාකර බැලීම Mano.LK හි සීමා පථයට අයත් නොවන්නකි. එහෙයින්, වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්හට එය ස්වාධීනව ඇගයුමට ලක්කිරීමට අවවාදකර සිටිමු. ඒ අයුරින්ම, Mano.LK වෙබ් අඩවියට යම් අන්තර්ගතයක් ඇතුළත් නොවන්නේ නම්, ඒ නිශ්චිත අන්තර්ගතය හෝ එම අන්තර්ගතය ගොඩනැගු අය ප්‍රතික්ෂේප කිරීමක් හෝ විවේචනය කිරීමක් ඉන් අදහස් නොවේ.

සියලුම අන්තර්ගත නිර්මාණකරුවන් හා අන්තර්ගත හවුල්කරුවන්ගේ පිළිගැනීමට හේතු සාධක වන කරුණු සහ ඉතිහාසයන් විමසා පරීක්ෂාකර බැලීම Mano.LK හි සීමා පථයට අයත් නොවන්නකි. එහෙයින්, වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්හට එය ස්වාධීනව ඇගයුමට ලක්කිරීමට අවවාදකර සිටිමු. ඒ අයුරින්ම, Mano.LK වෙබ් අඩවියට යම් අන්තර්ගතයක් ඇතුළත් නොවන්නේ නම්, ඒ නිශ්චිත අන්තර්ගතය හෝ එම අන්තර්ගතය ගොඩනැගු අය ප්‍රතික්ෂේප කිරීමක් හෝ විවේචනය කිරීමක් ඉන් අදහස් නොවේ.

 

වඩා පුළුල් පිරිසක් අතර බෙදාගැනීමේ අරමුණින්, මහජනයාගේ පරිශීලනය සඳහා විශ්වාසනීය සහ උපකාරී මුලාශ්‍ර ගොඩනැගීමේදී, Mano.LK වෙනත් ආයතන හා කණ්ඩායම් විසින් සිදුකෙරෙන වැදගත් කාර්යභාරය මත විශ්වාසය තබයි. අන්තර්ගතය සපයමින් සහ මෙම අවකාශය ගොඩනැගීමටත්, පවත්වාගෙන යාමටත් උපකාර හා සම්පත්වලින් දායක වෙමින්, අපගේ හවුල්කරුවන් සහ සහකාරක පාර්ශවයන් Mano.LK වෙත දක්වන සහය අතිශයින් වැදගත් වේ. ලාංකිකයන්ට තමන්ගේ, තම පවුල්වල සහ ප්‍රජාවේ සුරක්ෂිතභාවයත් යහපැවැත්මත් වර්ධනය කිරීමට මෙයින් ලැබෙන දායකත්වය ඉමහත් රුකුලක් වේ.

ඔබගේ ආයතනය හෝ කණ්ඩායමත් Mano.LK හා එක්ව වැඩ කිරීමට කැමති නම්, පහත ලිපිය බාගත කරගෙන, අප හා සම්බන්ධ වෙන්න!

Team behind Mano.LK

මනෝ පවුල වෙනුවෙන් වෙබ් අඩවිය කළමනාකරණය සිදුකරන, හවුල්කරුවන් හා මුලාශ්‍ර සමඟ එක්ව ගනුදෙනු කරන ඒ වගේම අන්තර්ගතය සුදානම් කරන කණ්ඩායමක් Mano.LK වෙනුවෙන් කැප වී සිටි. මෙම කණ්ඩායමට මානසික සෞඛ්‍ය හා මනෝසමාජයීය ගැටළු සම්බන්ධ වෘත්තිකයන් හා පර්යේෂකයන්, සන්නිවේදන විශේෂඥයන් මෙන්ම ප්‍රධාන තේමාත්මක විෂයයන් සඳහා අනුශාසකයන් අයත් වේ.

Mano.LK වේදිකා කළමනාකරුවන්

නිලුෂ්කා පෙරේරා, චර්යාත්මක සෞඛ්‍ය පර්යේෂක

ලක්ෂිතා සුන්දරලිංගම්, ඩිජිටල් සන්නිවේදනය

Mano.LK මුලින් සංවර්ධනය කරන ලද්දේ The Good Practice Group, MHPSS.net / IHP සහ WHO Sri Lanka අතර සහයෝගීතාවයෙන් වන නමුත් දැන් එයට බොහෝ හවුල්කරුවන් විසින් සහයෝගය දක්වයි. වැඩිදුර දැන ගැනීමට කරුණාකර අප සමඟ වැඩ කරන්න.

Sketches and all

මනෝ පවුලේ චරිත සඳහා චිත්‍ර හා අනෙකුත් සංකේතs Sketches and all විසිනි.

Mano.LK වේදිකා උපදේශකවරුන්

ආනන්ද ගලප්පත්ති, වෛද්‍ය මානව විද්‍යාඥමහේෂන් ගනේෂන්, මනෝ වෛද්‍ය
ගමිලා සමරසිංහ, සායනික මනෝවිද්‍යාඥ
 
කුසලා වෙත්තසිංහ, මනෝ සමාජ වෘත්තික
 

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

ඔබ සොයන දේ සොයාගත නොහැකිද?

සමහර විට නව වෙබ් අඩවියක් භාවිතා කිරීම අපහසු විය හැකිය. ඔබ අවශ්‍ය දේ සොයා ගැනීමට උදවු කිරීමට පුස්තකාල මනෝ මෙහි සිටී! වැඩි විස්තර සඳහා පහත බොත්තම ක්ලික් කරන්න

Skip to content